(ඔගස්ටින් ප්‍රනාන්දු)
රිප්ප පටියකින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වු මඩමකැලේ පදිංචි දෙදරු පියකුට අද (4) හලාවත මහාධිකරණ විනිසුරු එම්.බී.සී එස්.මොරායස් මහතා බරපතල වැඩ ඇතිව වසර 20 ක සිරදඬුවමක් නියම කළේය.
2007 නොවැම්බර් මස 1 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී හලාවත මහාධිකරණ බල සීමාවේ පල්ලම මඩමකැලේ දි කුලසිංහ ආරචිචිලාගේ ලලිත් විජේසිරි නැමැති අයගේ මරණය සිදු කිරීමේ චෝදනාව මත විත්තිකරුට අධි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණි.
රජයේ අධිනීතිඥ ධමිමික උඩවත්ත මහතා පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර විත්තිය වෙනුවෙන් නිතිඥ සමන්ත ප්‍රනාන්දු මහතා පෙනි සිටියේය.