පුද්ගල ඝාතනයකට දෙදෙනෙකු අත්අඩංගුවට


(සුමතිපාල දීයගහගේ) 
 
ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඇල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
 
ඝාතනයට යොදා ගත් ගිනිඅවිය ද ඔවුන් සතුව තිබී පොලිසිය බාරයට ගෙන ඇත.
 
පසුගිය 30 වන දින මොවුන් පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
සැකකරුවෝ කරන්දෙනිය මණ්ඩකන්ද සහ කරන්දෙනිය දෙමටගහකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 
 සැකකරුවන් අද (10) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.