පුද්ගල ඝාතනයක සැකකරුවෙක් වසර 17 කට පසු අත්අඩංගුවට



(ශාන්ත ප්‍රදීප්  කුමාර කුලරත්න ) 
හෝමාගම නියඳගල ප්‍රදේශයේ ඉඩමකට අනවසරයෙන් ඇතුළු වී පොල් කැඩුවේ යැයි  සිද්ධියකට  පුද්ගලයකුට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ චෝදනාවට  අධිකරණයෙන් විවෘත වරෙන්තු ලබා සිටි පුද්ගලයකු   වසර 17 කට පසුව අත්අඩංගුවට ගත් බව හෝමාගෙම පොලීසිය පවසයි.


ඝාතනයෙන් දින දෙකකට පසු එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබු අතර  ප්‍රදේශයෙන් පලා ගිය අනෙක් පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගෙන  ඇත.


සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා   දිගු කාලයක් පරීක්ෂණ පැවැත් වෙන අතරතුරදී   පොලීසියට ලැබුණු තොරතුරක් අනුව  එම පුද්ගලයා බස්නැවතුම්පොළක රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.


 සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.