පුත්තලමේ සිසිටිවි දර්ශන ගන්න කැමරා 48 ක්


එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
පුත්තලම නගරය තුළ සිසිටිවී දර්ශන ලබා ගැනීම වෙනුවෙන් කැමරා 48 ක පද්ධතියක් ස්ථාපිත කළ බව පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

එම පද්ධතියට අදාළ පුත්තලම ‍පොලිසියේ ස්ථාපිත පද්ධතිය පුත්තලම දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා අතින් අද (29) උදෑසන විවෘත කැරිණි. 

නගරයේ සියළු වට රවුම් , විශේෂ ස්ථාන, බස් නැවත්ම් පොළ ඇතුළු මේ පද්ධතිය නගරය පුරා සවි කර ඇති බවත් මේ තුළින්, පුත්තලම නගරයේ රථවාහන වැරදි අවම කර ගැනීමටත්, සොරකම් මංකොල්ලකෑම් පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක කිරීමත්, සමාජවිරෝධී සියලු ක්‍රියාකාරකම් නීතිය රැහැනට හසු කර ගැනීමට හැකි වන බවයි  නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

ඡායාරූප - එච් චන්දන