පුත්තලමේ පානීය ජලය බෙදීම බවුසරයෙන්


(ජයරත්න වික්‍රමාරච්චි)

දීර්ඝ කාලයක් තිස්සේ පැවැති නියඟය හමාර කරමින් පුත්තලම දිස්ත්‍රීක්කයට කඩින් කඩ වැසි ලැබුණ ද භූගත ජලය ප්‍රමාණවත් නොවීම නිසා ජනතාවට පානීය ජලය බෙදාහරින බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නවගත්තේගම,පල්ලම,ආණමඩුව, මහකුඹුක්කඩවල, පුත්තලම, වනාතවිල්ලුව, හලාවත, මහවැව, මුන්දලම, ආරච්චිකට්ටුව, නාත්තන්ඩිය, මාදම්පේ සහ කරුවලගස්වැව යන ප්‍රදේශ වලට මෙලෙස ජලය බෙදා හැරිම සිදු කෙරේ.

ග්‍රාම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මෙම පානීය ජලය බෙදා හැරී‍මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.