(ඔගස්ටින් ප්‍රනාන්දු)
පුත්තලම දිසාව තුළ බලපවත්නා දේශගුණික තත්ත්වය තුළ අද (6) පස්වරුව වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක පවුල් 98ක පුද්ගලයින් 397 දෙනෙකු අවතැන් වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
න්දලම, කරුවල ගස්වැව, වනාතවිල්ලුව, පල්ලම සහ නාත්තණ්ඩිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ තුළ මෙම තත්ත්වය ඇතිවී ඇත. මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩප්පුව ධීවර ගම්මානයේ නිවාස 61 කට දැඩි සුළග නිසා හානි සිදුවී, එම පවුල් ද වනාතවිල්ලුව පවුල් 12ක්ද අවතැන්වී ඇත. උඩප්පුව දෙමළ මහ විදුහලේ වැසිකිලි පද්ධතියට දැඩි ලෙසින් හානි සිදුව තිබේ.
කරුවල ගස්වැව නිවාස 22 ක්ද, පල්ලම එක් නිවාසයක්ද, මෙයට අමතරව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර වාඩි 10 කට ද දැඩි සුළං නිසා හානි සිදුව ඇති බවත් කියයි.
අවතැන් වී සිටින පවුල් වෙත අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා කටයුතු යොදා ඇති බවත් පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.