පුත්තලමේ නගර සභා සේවකයෝ විරෝධතාවයක


(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

පුත්තලම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකයාට පහර දිමට විරෝධය පළ කර 5 වැනි දිනටත් නගරයේ කුණු එකතු කිරිම නවතා හිටපු නගර සභා සභාපතිවරයකු ඇතුළු පිරිසක් විරෝධතාවයක අද (17) නිරත වුහ.

පුත්තලම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එන් සුරේෂ් මහතා අනවසර ඉදි කිරිමක් සම්බන්ධව රාජකාරියක නිරතව සිටියදි  එම අනවසර  ඉදිකිරිමේ නිරත වු පිරිස් මහජන  සෞඛ්‍ය පරික්ෂක වරයාට පහර දි ඇත.

සැකකරුවන් පුත්තලම පොලිසිය අත්අඩංගුවට නොගැනීම නිසා නගර සභා සේවකයින් 13 වැනි දා සිට නගරයේ කුණු එකතු කිරිම සම්පුර්ණයෙන් නවතා තිබේ .මේ නිසා නගරය පුරා තැනින් තැන කුණු ගොඩවල් ගොඩ ගැසි ඇති නිසා විශාල දුර්ගන්ධයක් ද පවතී.

පුත්තලම නගර සභා ලේකම් නන්දන සෝමවිර මහතා පවසා සිටියේ නගරයේ ගොඩ ගැසී තිබෙන කුණු ඉවත් කිරිමට කටයුතු කරන බවයි.