(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඇදන් 800 කින් යුත් කොරෝනා ප්‍රතිකාර රෝහලක් පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ ආරම්භ කිරිමට සියලු කටයුතු අවසන් බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
මෙම කොරෝනා ප්‍රතිකාර රෝහල පුත්තලම මදුරන්කුලිය පුද්ගලික අධ්‍යාපන ආයතනය තුළ ස්ථාපනය කිරිමට කටයුතු යොදා තිබේ.
අක්කර 22 භුමියක පිහිටි කොරෝනා ප්‍රතිකාර අදාල රෝහලේ කටයුතු යුධ හමුදාවේ මැදිහත් විමෙන් සිදුකරන අතර පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් මෙය පාලනය වන බව කියයි.