පුත්තලමේ අඹුසැමි යුවළකට කඩුවකින් පහර දීලා


 

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පුත්තලම පාලවිය ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයකු  එම නිවෙස් හිමිකරුට හා ඔහුගේ බිරිඳට කඩුවකින් පහරදී තුවාලකර  පැන ගොස් ඇතැයි පොලීසිය පවසයි. 

බරපතල ලෙස කැපුම් තුවාල සහිතව සිටි තුවාලකරු සහ ඔහුගේ බිරිද ඊයේ (02) රාත්‍රියේම පුත්තලම මුලික රෝහලට ඇතුළු කර තිබේ. 

බරපතල කැපුම් තුවාල ලැබු නිවෙස් හිමිකරු  සිය බිරිඳ  සමඟ රාත්‍රි ආහාර ගනිමින් සිටියදි ඒ ආසන්නයේ පදිංචි මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බව කියන සැකකරුවකු නිවසට කඩුවක්ද රැගෙන කඩා වැදි කඩුවෙන් කපා ඇති බවත් එය වැලැක්විමට ගිය නිවෙස් හිමිකරුගේ බිරිදටද බරපතල ලෙස පහර දි ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

සිද්ධියෙන්  පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් එම සිද්ධියට සැක පිට තවත් පුද්ගලයින්  දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. සැකකරු සොයා පරීක්ෂණ අරඹා  ඇතැයි පොලීසිය පවසයි.