පුත්තලමට අධික මීදුම් තත්වයක්


හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

අධික මීදුම් තත්වයක් හේතුවෙන් අද (15) අලුයම සිට පුත්තලම සහ අවට ප්‍රදේශ ගණනාවක මාර්ග වැසී ගොස් තිබු ආකාරය දැකගත හැකිවිය.

මේ හේතුවෙන් වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.

මේ තත්ත්වය මේ වසරේ මැයි සහ ජුනි මාසවලද ඇති වු බව ජනතාව පවසති.

කෙසේ නමුත් මීදුම අධිකවීම නිසා සෙම් රෝගීන්ට යම් බලපෑම් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසති.