(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුත්තලම නගරාධිපතිවරයාගේ සමීපතම ඥාතියකු (මස්සිනා) ගිනි අවියක් සහ ජීව උණ්ඩ 5ක්, හිස් කොපුවක් සහ ගංජා මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
පුත්තලම, මහගුණ්ඩුව- කඩයාකුලම් ප්‍ර දේශයේදී සැකකරුගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 35 හැවිරිදි තැනැත්තෙකි.
සැකකරු සතුව තිබී ගංජා ග්‍රෑම් 380ක් පොලිසිය බාරයට ගෙන ඇත.