ඔගස්ටින් ප්‍රනාන්දු
පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුණි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා අත් අඩංගුවට ගැනීම පිණිස හලාවත මහාධිකරණ විනිසුරු එම් සී බී එස් මොරායස් මහතා අද දහවල් වරෙන්තුවක් නිකුත් කළේය.
ඒ මහතාට එරෙහිව පවරා තිබු නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඔහුට වරෙන්තු නිකුත් කැරිණි.
ගිනි අවි ආඥා පනත අනුව නිසි බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් නොමැතිව ටී 56 ගිනි අවියක් හා ඊට යොදන උණ්ඩ 30 ක් එම ගැබි එකක් රිවෝල්වරයක් හා ඊට යොදන උණ්ඩ හතරක් ද තවත් ආයුධ කිහිපයක් ද නිවසේ තබා ගෙන සිටිමේ චෝදනාව මත මන්ත්‍රීවරයාට එරෙහිව නඩුව පවරා තිබේ.