(එච්.චන්දන)
පුත්තලම හා ආණමඩුව නගරවල අළුතින් ඉදිකිරීමට බලාපොරොත්තු වූ නගර සම්මන්ත්‍රණ ශාලා දෙකේ වැඩ කටයුතු අතර මග නැවතී , නිමකල වැඩ කොටස්ද විනාශවී යන අයුරු දක්නට ලැබේ. ඉකුත් රජය සමයේ ආර්ථික කටයුතු අමාත්‍යංශ මුදල් ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 600 මුදලකින් පුත්තලමේ සම්මන්ත්‍රණ ශාලාව ආරම්භ කර ඇති අතර මෙහි අදියර කිහිපයකින් වැඩ නිම කිරීමට නියමිතව තිබුණි.
මෙහි දැනට වහලය දක්වා වැඩ නිම කර ඇති අතර කලපු තීරය ඉදිරිපිට ඉදිවන මෙහි භාවිතා කල යකඩ අමු ද්‍රව්‍ය රැසක් දැනමත් දිරා පත් වී ඇති අතර , එහි වහලයේ රස්නය අඩු කිරීම සදහා යෙදු අමු ද්‍රව්‍යයද දැනටම විනාශවී ඇති බව දක්නට ලැබේ.
ලක්ෂ ගණක මුදල් වියදම් කර ඉදිකරන ලද ආණමඩුව සම්මන්ත්‍රණ ශලාවද ඉදිකරීම් නවතා දැමීම නිසා එහි ඉදිකල කොටස් රැසක්ම විනාශවී ඇතුලත වල් බිහිවී ඇති අයුරු දක්නට ලැබේ. එම ස්ථානයේ ඉදිකිරීම් කටයතුවලට රැගෙන ආ යන්ත්‍රයක්ද දිරා පත්වේ.