පිළියන්දල වෙළෙඳපොළ වහයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිලියන්දල පොදු වෙළෙඳ පොළේ වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන්  101 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග පොදු වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහත පවසයි.

වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් උදෙසා සිදුකළ පි.සි. ආර් පරීක්ෂණයේදී පුද්ගලයන් 101කුට වයිරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. පී.සී.ආර්. පරීක්ෂණ 260කින් මෙම ආසාදිතයන් හමුවී ඇත.