(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කිසිදු වගකීමක් නොමැති නිෂ්පාදිතයා හෝ බෙදාහරින්නා සඳහන් නොකළ පිළිකා කාරක සහිත මුහුණු හා සම අලේපන ඇසුරුම් දහසකට ආසන්න ප්‍රමාණයක් පුත්තලම නගරයේ කාන්තා රුපලාවන්‍ය දෑ අලෙවි කරන ස්ථාන වටලා අද(19) අත්අඩංගුවට ගත් බව පුත්තලම පාරිභෝගික අධිකාරිය කියයි.
පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පුත්තලම නගරයේ කාන්තා රූපලාවන්‍ය දෑ අලෙවි කරන ස්ථාන 14 ක් වටලා පිළිකාකාරක අලේපන ද්‍රව්‍ය අඩංගු රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා මෙම අලේපන තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.
අදාළ අලේපන තොගය ශ්‍රී ලංකාවට ගෙන්වීමේදි කිසිදු ලෙසකින් එහි නිෂ්පාදකයා හෝ බෙදාහරින්නා සඳහන් කර නොතිබූ බවත් ඒවා පාකිස්ථානය, ඉන්දියාව ඇතුළු රටවලින් ගෙන්වා ඇති බවඑත් පාරිභෝගික අධිකාරිය කියයි.
2018 මැයි 3 වන දින නිකුත් කළ, අංක 2069/ 37 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත මගින් සමෙහි අලේපනය කරනු ලබන දියර හා ක්‍රීම් වර්ග පිළිබදව අදළෙ විධානයකින් දන්වා තිබේ.
එම විධානය 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 12 (2) වගන්තිය අනුව පැවරි ඇති බලතල ප්‍රකාරව, සමේහි අලේපනය කරනු ලබන සියලුම ක්‍රීම් වර්ග හා දියර වර්ග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතිර 743 මගින් නිශ්චිත ISO / TR 17276 ප්‍රකාරව විශ්ලේෂණය කිරීමේදි, එම සමේහි ආලේපනය කරනු ලබන දියර හා ක්‍රීම් වර්ගවල අඩංගු උපරිම සීමාවන්ට අනුකුල වන්නේ නම් මිස එවැනි ක්‍රීම් හා දියර වර්ග නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම, ඇසුරුම් කිරීම, ගබඩා කිරීම හෝ තොග හා සිල්ලර වශයෙන් විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ නොකළ යුතු බවට සියලු ම නිෂ්පාදකයින්, ආනයන කරුවන් හා බෙදාහරින්නන් හා වෙළෙන්දන් වෙත අදාල විධානය ලබා දී තිබේ.
ඒ සමගම මෙම ආලේපන තුළ කිලෝ එකකට ඊයම් මිලි ග්‍රෑම් 10ක්, ආසනික් මිලිග්‍රෑම් 3ක් , රසදිය මිලි ග්‍රෑම් 1 ක් , කැඩ්නියම් මිලි ග්‍රෑම් 3 ක් ලෙසද සඳහන් කර තිබේ.
පුත්තලම පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි ඊ.යු. රංජන මහතා පවසා සිටියේ මෙම අලේපන අදාළ ගැසට් නිවේදනයේ සියල්ල උල්ලංඝණය කරමින් අලෙවි කරමින් තිබු බවය. අදාල සැකකරුවන් හා අලේපන ද්‍රව්‍ය පිළිබදව පුත්තලම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව නඩු පැවරීමට කටයුතු කරන බවද කියයි.
“ දිගින් දිගටම කාන්තාවන් මෙම පිළිකා කාරක සහිත අලේපන ද්‍රව්‍ය භාවිතා කිරීම තම ජීවිතය වනසා ගැනීමකට සමාන බවයි.”
මේ නිසාම නියමිත ප්‍රමිත තොරතුරු නොමැති අලේපන භාවිතා කිරීමෙන් වැළකෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය .