ජුඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු
මහවැව - කුඩාවැව,දෙණිය ප්‍රදේශයේ දී පිහියකින් ඇණ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බව කියන විත්තිකරුවකුට හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනවිය අද (6) මරණීය දණ්ඩය නියම කළාය.
මෙසේ මරණීය දණ්ඩනය නියම වූයේ මහවැව - දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මාරසිංහ ආරච්චිගේ අනුර මෙත්තානන්ද නම් අයෙකුය.
2011 දෙසැම්බර් 30 වැනි දා හෝ ඊට ආසන්න දිනයකදී හලාවත මහාධිකරණ බලසීමාවේ මහවැව - දෙනිය ප්‍රදේශයේ දී සේනානායක ආරච්චිගේ හේමසිරි හෙවත් නිමල් යන අයව පිහියකින් ඇණ ඝාතනය කරන ලදැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි.
විත්තිකරුට එරෙහිව ගොණු කර තිබූ චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බැවින් විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන බව මහාධිකරණ විනිසුරුවරිය පැවසුවාය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ පද්මලාල් වීරසිංහ මහතා පෙනී සිටි අතර,විත්තිකරු වෙනුවෙන් නීතිඥ රුවන් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.