(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පැමිණිල්ලක් විභාග කිරීමේ කටයුත්තකට මාතර මූලස්ථාන පොලීසිය වෙත පැමිණ ආපසු යමින් සිටි 22 හැවිරිදි විවාහක කාන්තාවකට පොලීසිය අසල පාරේදී පිහියකින් ඇන තුවාල සිදු කළ බව කියන පුද්ගලයෙකු සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මාතර පොලීසිය පවසයි.
පිහි ඇනුම් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු මාතර වෙහරගම්පිට පදිංචි කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළු කර ඇත.
ඇය අද (02) සිය නැන්දම්මා සමඟ පොලීසියට ගොස් නැවත පාගමනින් නිවස වෙත යද්දී පිටුපසින් පැමිණ ඇති සැකකරු පිහියකින් ඇණ ඇති බව පොලීසිය කරයි.
රස්සන්දෙනියේ පදිංචි ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.