( ඔගස්ටින් ප්‍රනාන්දු)
පවුල් අරවුලක් අතර පිහි පහරක් වැදීමෙන් බරපතල තුවාල සහිතව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කළ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බංගදෙණිය දිගන්වැව ප්‍රදේශයේ විසු අයි.එම්.සුජිත් කුමාර ( 27 ) යන අයයි.
අධික ලෙස බීමත්ව නිවසට පැමිණි ඔහු සිය බිරිද හා ආරාවුල් ඇති කර ගෙන ඇයට අමානුෂිකව පහර දී ඇති බවත්අනතුරුව අද (26) අලුයම මෙම සිදුවීම වී ඇති බවත් පොලීසිය කියයි.
සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර හලාවත පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

