(දියතලාව - ඩී.කේ.රත්න )
බදුල්ල සොරණාතොට මීගහවෙල ප්‍රදේශයේදී ඊයේ (7) රාත්‍රීයේදී පුද්ගලයෙකු පිහියකින් කපා මරා දමා ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
මීගහවෙල සොරණාතොට ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු තිස් පහක ධම්මික නැමති පුද්ගලයෙකු මෙසේ පිහියකින් කපා මරා දමා තිබේ.
මෙම මිනීමැරුම සම්බන්ධයෙන් සොරණාතොට මීගහවෙල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු පනස් පහක පුද්ගලයෙකු බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කිසියම් ආරවුලක් මත මෙම මිනීමැරුම සිදු කරන්නට ඇතයි බදුල්ල පොලීසිය පවසයි. බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් පරිදි බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වනිගසේකර මහතාගේ අධීක්ෂණය යටතේ බදුල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.