පිහි ඇණුමකින් පොලිස් කොස්තාපල් රෝහලේ


(චමිල් රූපසිංහ)

කඩුගන්නාව පොලිසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් තිදෙනෙක් අපරාද කිහිපයකට අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එම සැකකරු කඩුගන්නාව දන්තුරේ මාර්ගයේ කැටපිටිය ප්‍රදේශයේදී  එක් පොලිස් නිලධාරියෙකුට පිහියෙන් ඇණ පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් තුවාල ලැබා ඇත්තේ කඩුගන්නාව පොලිසියේ සේවයේ නිරත පොලිස්  කොස්තාපල්වරයෙකි.තුවාල ලැබූ පොලිස් නිලධාරියා කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇත.