(ජේ.කේ.එල් චාමින්ද)
පියා සතු රන් භාණ්ඩ සොරකම්කර ඒවා උගස් කිරිම සදහා මිතුරන් දෙදෙනෙකුට ලබාදුන් පුතු හා මිතුරන් දෙදෙනා පොද්දල පොලිසිය මගින් අද (03) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම පුතු පවුලේ එකම පිරිමි දරුවා වන අතර ඔහු පියා සතු රන්මාලයක් හා මුදු සොරකම් කර සිය මිතුරන් දෙදෙනෙකුට උගස් කිරිම සඳහා ලබා දි තිබේ. අනතුරුව කොල්ලකරුවන් දෙදෙනෙකු පැමිණ තමන්ගේ ගෙලට පිහියක් තබා තර්ජනය කොට රන් භාණ්ඩ සොරකම් කරගෙන ගිය බවට පුතු පියාට දැනුම් දි ඇති අතර ඒ අනුව පියා පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට මේ පිළිබදව දැනුම් දි තිබේ.
වහා ක්‍රියාත්මක වු පොද්දල පොලිසියේ ස්ථනාධිපති නාලක මාගෙදර මහතා ඇතුළු පොලිස් නිලධාරින් කරාපිටිය ප්‍රදේශයේ පිහිටි මෙම පුතුගේ නිවසට ගොස් පරික්ෂණ කිරීමේදී පුතා සිදු කර ඇත්තේ බොරුවක් බව හෙළිවී තිබේ.
මිතුරන් දෙදෙනා විසින් රන් භාණ්ඩ රුපියල් 1.42000කට උගස්කර ඇති අතර උගස් කරනු ලැබු රන් භාණ්ඩද පොලිසිය මගින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුතු හා මිතුරන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.