පියා සොරකම් කළ දුරකතනය දුව සොරා ගෙන


(සනත් ගමගේ)


පියා සොරකම් කරන ලද ජංගම දුරකථනයක් දියණිය පියාගෙන් සොරකම් කරගෙන පෙම්වතා සමඟ දුරකථනයෙන් කථා බහ කරමින් සිටියදී පොලිසිය සිදුකළ  දුරකථන පරීක්ෂණ වාර්තා අනුව සොරකම් කරන ලද ජංගම දුරකථනය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව (7) අම්බලන්තොට පොලිසිය කියයි.


අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ හමුදා සෙබලෙකුගේ බිරිඳක් නිවසේ තනියම සිටින අවස්ථාවේ දි  නිවසට පැමිණි පුද්ගලයෙක් ඇයට ලිංගික අතවරයක් ද සිදු කර ඇය සතු ජංගම දුරකථනය රැගෙන ගොස් ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව අැත.  


ජංගම දුරකථනය දිගින් දිගටම ක්‍රියාවිරහිත කර තිබූ හෙයින් දුරකථන වාර්තා ලබා ගැනීමට ප්‍රමාද වීමෙන් මෙම සොරකම සම්බන්ධව යට ගොස් ඇතැයි සැකකරු සිතා සිටි බව පොලිසිය කියයි.