(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
පිදුරුතලාගල රක්ෂිතයේ නැගෙනහිර පාමුල කෝට්ලොජ් වතුයායට ඉහළ රක්ෂිතය තුළ නිදන් හාරමින් සිටි සැකකරුවන් තිදෙනකු කදපොල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කදපොල කෝට්ලෝජ්, ඉමදුවේ සහ නුවරඑළිය සීතාඑළියේ පදිංචිකරුවන් තිදෙනෙකි.
රක්ෂිතය තුළ අඩි 6ක් පළල හා අඩි 6ක් දිගැති ගැඹුරු වලක් තුළදී නිදන් හාරමින් සිටියදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
විදුලි බලය ලබා ගැනීමට යොදාගත් මීටර් 300ක් පමණ වූ වයර් රෝල් දෙකක්, ගල් විදින කූරු කීපයක්, පිරිත් නූල් හා මුහුදු වැලි පාර්සලයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පිදුරුතලාගල රක්ෂිතයේ නිදන් හෑරීමට ගිය 3 ක් අත්අඩංගුවට
Recommended Articles