පැල්වෙහෙරේ ඉන්ධන බවුසරයක් පෙරළෙයි



 
(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල  හබරණ ප්‍රධාන මාර්ගය දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (24) ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා ගමන් කරමින් තිබූ බවුසර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාලමක ගැටී බවුසර් රථය මාර්ගය අසල පිහිටි  නිවසක්  ආසන්නයේ නැවතී තිබේ.

මෙම අනතුරින් බවුසර් රථයේ රියදුරුට සහ රිය සහායක ට සුළු තුවාල සිදු වී තිබෙන බව පොලීසිය කියයි.

ප්‍රධාන මාර්ගයේ පාලම නොතිබෙන්නට විශාල අනතුරක් සිදුවීමට ඉඩ  තිබූ බව පරීක්ෂණ පවත්වන දඹුල්ල පොලීසියේ රථවාහන අංශය කියයි.

කොළඹ සිට ත්‍රිකුණාමල තෙල් ගබඩා වෙත ඉන්ධන රැගෙන ඒම සඳහා ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.