(ලසන්ත නිරෝෂණ පෙරේරා )
නාදුනන පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු පැල්මඩුල්ල දෙනවක ගඟේ පාවෙමින් තිබියදී පොලිසිය විසින් අද (8) සොයා ගනු ලැබීය. තරුණයින් බව පෙනෙන මෙම දෙදෙනාගේ සිරුරවල කැපුම් තුවාල දක්නට තිබු බව පොලිසිය පවසයි.
එක් අයෙකුගේ ගෙල ප්‍රදේශයේ දරුණු කැපුම් තුවාලයක් දක්නට තිබූ බවත් අනෙක් අයගේ හිස පිටුපස තුවාලයක් තිබූ බව පොලිසිය කියයි. මල් කැඩීමට පැමිණි අයෙකු මෙම සිරුරු දැක ප්‍රදේශවාසීන්ට පැවසිමෙන් පසු ඔවුන් පැල්මඩුල්ල පොලිසියට දැනුම් දි තිබේ.
මෙලෙස ඝාතනයට ලක්වූවන් ප්‍රදේශවාසීන් නොවන බව ගම්වැසියෝ පවසති.මොවුන්ගේ සිරුරුවල මුඛ ප්‍රදේශය කබරයින් විසින් කා දැමු ලකුණු දක්නට ලැබුණු බව පොලිසිය සඳහන් කරයි.
මියගිය දෙදෙනාගේ අත්වල කුඩා පටියක් දක්නට තිබු බවද පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. සිරුර සොයාගත් පැල්මඩුල්ල ගනේගම අවට ප්‍රදේශයේ කිසිදු පුද්ගලයෙකු අතුරුදන්ව නොමැති බවත් පොලිසිය පවසයි . සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

