පැරීසියේ මළගිය ඇත්තෝ සිහිපත් කරති


මළගිය ඇත්තන් සිහිපත් කරන ප‍්‍රංශයේ විශේෂ නිවාඩු දිනයකි. මුළු ප‍්‍රංශයේම  සුසාන භූමි විවිධ වර්ණ ඇති මල් වලින් එදින  සුසානය මල් යායක සිරිය ගන්නේය. ඒ අතරින් අහසට විහිදුණු ස්මාරක අතරින් පිය නඟන ආශිර්වාද අතැති මිනිසුන්ගෙන් මුළු සුසානයම පිරී ගියේය. එදිනට එම භූමිය නිදහස් භූමියකි. එවැනි නිදහස් භූමියක් පැරීසියේ ශ්‍රී ලාංකික සමාජයට ද ඇත්තේය.

එදිනට පැරීසියේ ලාංකිකයෝ ද විවිධ පිංකම් සහිතව මළගිය ඇත්තෝ සිහිපත් කිරිම මළගිය ඥාතීන් සිහි කිරීම වෙනුවෙන් වර්ෂයකට වරක් නොකඩවා පැවැත්වෙන පැරීසියේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සමාජය අනුග‍්‍රහයෙන් එහි සභාපති ශාකි ජයවර්ධන මහතා සංවිධානය කරන මළගිය ඇත්තන්ට පිං පැමිණ වීමේ පිංකම හා දන්සැල මෙවරත් පැරිස් කළාප අංක 20හී රූ ඩෙ බැනියොලේ හි පිහිටි ශාලාවේදි පැවැත්විණි.

මෙම පිංකමේ ඉතිහාසය ද රසවත්ය. මෙවර පැවැත් වුයේ එහි 28 වැනි පිංකමයි. සිහිපත් කිරීමේ එදා පැරීසියේ ශ්‍රී ලාංකිකයන් අතර වීරයා, අහිංසකයා, මිත‍්‍රයා ආදි ලෙස ජනප‍්‍රිය චරිතයක් වූ අජිත් විමලචන්ද්‍ර සොයුරා 1993 දි ඛේදජනක ලෙස මරණයට පත්විය.

පැරීසියේ ක‍්‍රිකට් ක‍්‍රීඩා උනන්දුව වැඩියෙන් තිබුණු එදා පැරීසියේ උස්කා ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයට මියගිය අජිත් හදවතෙන් උදව් කළ මිතුරෙකි. ඔහු සිහිපත් කරමින් එදා ඇරඹුණ පිංකම අදවන විට ප‍්‍රංශයේ ජීවත් වෙමින් මියගිය සියලූ දෙනා සිහිපත් කිරීම දක්වා වර්ධනය වී ඇත්තේය.

පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ගේ ක‍්‍රිස්තියානි එකමුතුවට සම්බන්ධ උස්කා ක‍්‍රිකට් සමාජය මෙම පිංකමේ සංවිධාන කටයුතු සිදුකරන අතර සියලූම ආගම් ප‍්‍රධාන කොට ආගමික චාරිත‍්‍ර වලින් පසු දන්සල ද ඉන් අනතුරුව පැරීසියේ වෙසෙන යාචකයන්ට කෑම පාර්සල් බෙදා දීමද මුල්තැන් ගනී.

මෙම පිංකමේ විශේෂ අවස්ථාව වන්නේ අප අතරින් මියගිය පැරීසියේ මිතුරන්ගේ ඡායාරූප ඉදිරියේ පහන් දල්වන නිදහස් අවස්ථාවයි.

simg_67 simg_943 simg_1458 simg_4532 simg_25436