පැරිස් කඨිනය උත්කර්ශවත් ලෙස පැවැත්වෙයි


පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍යත්සවය පසුගිය ඔක්තෝම්බර් 30 වැනි දා විහාරස්ථානයේ ප්‍රධාන සංඝ නායක ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ශ්‍රී ලාංකික, කාම්බෝජ,ලාඕස, වියට්නාම, චීන, බංග්ලාදේශ සහ ප්‍රංශ ජාතික සැදැහැවත්හු  පිංකම සඳහා සහභාගි වුහ.

දහවල් දානය සඳහා මහා සංඝ රත්නය සංකේතාත්මක පිණ්ඩපාත චාරිකාවක යෙදුණාහ. පිංකම සඳහා සිතුල්පව්ව ඓතිහාසික රජමහ විහාරාස්ථානය ඇතුළු අෂ්ඨමහා විහාරස්ථානයන්හි අධිපතිත්වය උසුලන සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක මැටරඹ ප්‍රේමරතන හිමියන්, ප්‍රංශයේ ලාඕස් පුජා ආරාමාධිපති  පඤ්ඤාධීරෝ, කොළඹ රත්මලාන බෞද්ධ මධ්‍යස්තානාධිපති විචිත්‍රභාණි මාපලගම බුද්ධසිරි, පැරිස් නුවර ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානාධිපති කොන්ගස්තැන්නේ ආනන්ද හිමියන් නියෝජනය කරමින් විචිත්‍රභාණී මානම්පිට අමිත, පැරිස් නුවර ජේතවන බෞද්ධ විහාරස්තානාධිපති මුරුන්ගස්යායේ ඤානිස්සර හිමියන් නියෝජනය කරමින් ගලහිටියේ සෝරත, පුජ්‍ය මාපලගම ජිනානන්ද, කැන්දවින්නේ රාහුල, වියට්නාම් ජාතික සම්මාමග්ගෝ සහ බංග්ලාදේශ ජාතික බුද්ධප්‍රිය යන මහා සංඝරත්නය වැඩම කර සිටියහ. 

කඨිනානිසංශ අනුශාසනා භාෂා කිහිපයකින්ම පැවැත්විණි. අලංකාර පෙරහරකින් කඨින චීවරය වැඩම කරවනු ලැබිය.  

මහා සංඝ සම්මුතියෙන් කඨින චීවරය ශාස්ත්‍රවේදී කහපත්වල සුගතසිරි හිමියන් හට පවරනු ලැබිය.  

Paris_International_Centre_of_Bouddhique_Katina_Puja_-_October_30,_2016_-__(2)[1] Paris_International_Centre_of_Bouddhique_Katina_Puja_-_October_30,_2016_-__(7)[1] Paris_International_Centre_of_Bouddhique_Katina_Puja_-_October_30,_2016_-__(18)[1] Paris_International_Centre_of_Bouddhique_Katina_Puja_-_October_30,_2016_-__(43)[1] Paris_International_Centre_of_Bouddhique_Katina_Puja_-_October_30,_2016_-__(48)[1]