පැරා ක්‍රීඩක අමිල වර්ණකුලසූරිය ට නිවසක්


 

2018  ආසියානු  පැරා තරඟාවලියේ දී  නව ආසියානු වාර්තාවක්  සමග ජයග්‍රහණ රැසක්  හිමිකරගත්  අමිල වර්ණකුලසූරිය  ක්‍රිඩකයාට මොරටුව  "සයුරු පුර" නිවාස සංකීර්ණයෙන්  නිවසක් ලබා දීම  නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු කෙරිණි.
 
 2018  වර්ෂයේ දී  ඉන්දුනීසියාවේ දී  පැවති   2018  ආසියානු  පැරා තරඟාවලියේ දී  නව ආසියානු වාර්තාවක්  සමගින්  මීටර් 100 දිවීම  ප්‍රථම  ස්ථානය , මීටර් 200  ප්‍රථම ස්ථානය  ,උස පැනීම  4 වන  ස්ථානය මෙන්ම  ජාතික  ම්ටමින්  ජයග්‍රහණ රැසක් ඔහු හිමි කරගෙන ඇත. 
 
  රුපියල් ලක්ෂ 30 පමණ වටිනා කමින් යුත්  මහල් නිවාසය   පිරිනැමීම   නිවාස , ඉදිකිරීම්  සහ  සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී   සිදු කෙරිණි.


  (ඡායාරූප  -   චතුර එස් .කොඩිකාර )