පාසල් සිසුන්ට මත්කුඩු අලෙවි කළ 2ක් අත්අඩංගුවට


(කුෂාන් ජයවර්ධන)     

                                    
මරදන්කඩවල හා ඒ අවට ප්‍රදේශවල පාසැල් දරුවන් ඇතුළු පුද්ගලයන්ට මත්කුඩු අලෙවි කළ තරුණයන් දෙදෙනෙකු කැකිරාව පොලිසිය කළ වැටලීමකදී කැකිරාව මරදන්කඩවලදී අත්අඩංගුවට ගෙන තිබේ.   
                                           
අත්අඩංගුවට පත් සැකකරුවන් මරදන්කඩවල කසාගල පාර ප්‍රදේශයේ පදිංචි 21හැවිරිදි තරුණයන් දෙදෙනෙකි. 
             
ඔවුන් සන්තකයේ තිබී ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු මිලි ග්‍රෑම් 3300ට ආසන්න මත්කුඩු ප්‍රමාණයක් පොලිසිය සොයා ගෙන ඇත.   
                                  
අනුරාධපුර පොලිස් නිල සුනඛ අංශයේ සුනඛ ක්ලෝරාගේ ද සහය ඇතිව සැකකරුවන්ගේ නිවෙස් වැඩිදුර සෝදිසියට ලක්කළ බව කැකිරාව පොලිසිය පවසයි.              

අත්අඩංගුවට පත් සැකකරුවන් අද (14) කැකිරාව දිසා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.