රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තෙවැනි පාසල් වාරය දෙසැම්බර් 2 වැනි සිකුරාදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දෙසැම්බර් 03 වැනි දා සිට ජනවාරි 01 වැනි දා තෙක් සියලු පාසල් වසා තබන බවත්, නව පාසල් වාරය සඳහා 2017 ජනවාරි 02 වැනි සඳුදා පාසල් විවෘත වෙයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් විවෘත කිරීමේ දිනය පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.