අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
ලෝක සංචාරක දිනයට සමගාමිව බේරුවල හෙරිටන්ස් මහගෙදර සංචාරක හෝටලය බේරුවල ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් පිරිසකට පාසල් විෂයට අදාල ගෘහ විද්‍යා විෂයය ක්‍රියාකාරකම් වැඩ මුළුවක් එම හෝටලයෙදි පැවැත්විය.
එහිදි බේකරි නිෂ්පාදන පිළිබඳ අවබෝධයක් එම සිසුන් ලබාගත අතර හැඳි, ගෑරුප්පු භාවිතයෙන් නිවැරදිව ආහාර පාන ගන්නා අකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකල අතර අනතුරුව එම සිසුවියන්ව හෝටල් අංශය මගින් සංග්‍රහයක්ද ලබාදී ත්‍යාග පිරිනමීමක්ද සිදු කෙරිණි. බේරුවල හෙරිටන්ස් මහගෙදර හෝටලයේ කලමණාකාර ජනක බුද්ධ කොරාල, විධායක සුපවේදි රජිත් අබේසේකර, සහකාර කලමණාකාර නිලංග විරරත්න යන මහත්වරු මෙම වැඩසටහන එම සිසුන් වෙනුවෙන් සංවිධානය කර තිබිණි.
මෙම වැඩසටහන සදහා ගෘහ විද්‍යා විෂය භාර ගුරු මහත්මීන් පිරිසක්ද සහභාගි විය