පාසලට නෑවිත් අමතර පන්ති පවත්වන ගුරුවරියක් ගැන පැමිණිල්ලක්


ඇල්පිටිය පෝද්දිවෙල නවෝද්‍යා පාසලේ පළමු ශ්‍රේණියේ ගුරුවරියක පාසලේ සේවයට වාර්තා නොකර එම පංතියේ දරුවන්ට සවස් කාලයේදී තමන් පවත්වන අමතර පංතියට පැමිණෙන්නැයි බල කරන බවට දෙමාපියෝ චෝදනා කරති.

“එම ගුරුවරිය අදත් පාසලට පැමිණ නැහැ.මමත් මේ පාසලට ඇවිල්ලා වැඩි දවසක් නැහැ  පාසලේ පවතින ගුරු පුරප්පාඩු ගැන නිළධාරීන්ට ලිඛිතව දැනුම් දුන්නා“යැයි පාසලේ විදුහල්පති සුමිත් දමයන්ත මහතා පැවසීය.

මේ ගැන දෙමව්පියන්ගෙන් පැමිණිලි ලැබුණු බවත් මේ ගැන සොයා බලා පරීක්ෂණයක් කරන බවත් ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යකෂක තිලක් මනෝජ් පත්මලාල් මහතා කීවේය.