(ජයන්ත සමරකෝන්)
ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබූ කොළඹ නාගරික කොමසාරිස් ධූරයට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් ලෙස කටයුතු කළ පාලිත නානයක්කාර මහතා පත්කර ඇත.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා පත්කර ඇත.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා විසින් මෙම පත්වීම සිදුකර තිබේ. ඒ මහතා හෙට (24) වැඩබාර ගැනීමට නියමිතය.
කලක් නාගරික පුණ්‍ය කොමසාරිස් තනතුර හෙබවු ඒ මහතා පසුව 2018 වසරේ දී නාගරික ලේකම් ධූරයේ ද කටයුතු කළේය.
හිටපු නාගරික කොමසාරිස් වි.කේ.ඒ.අනුර මහතාගෙන් පුරප්පාඩු වූ මෙම තනතුරේ වැඩබැලීම සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ලේකම් චන්ද්‍රානි සමරකෝන් මහත්මිය පත්කර තිබිණි.
හිටපු කොමසාරිස් වි.කේ.ඒ.අනුර මහතා තමන් ස්ථානමාරු කිරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.