පාරුවක තිබූ පිළිමයක් මාගාල්ලේ පන්සලකට දීලා



 
(අමල් වික්‍රමරත්න)

ගාල්ල ධීවර වරායෙන් මුහුදුගිය බහුදින ධීවර යාත්‍රාවක ගමන්කළ ධීවර පිරිසකට ත්‍රිකුණාමලය සිට මුහුදු සැතපුම් 200 කට පමණ දුරින් මුහුදේ පාවෙමින් තිබූ පාරුවක තිබී සීවලී මහරහතන් වහන්සේගේ රුවට සමාන පිළිම කිහිපයක් සහ  දැවයෙන් හා සිමෙන්තියෙන් නිමවා ඇති නිර්මාණ රැසක් හමුවී තිබේ.
 
ඔවුන් ඒවා ගාල්ල මාගාල්ල කච්චිවත්ත පුරාන විහාරස්ථානයට භාර දී ඇත.

ගාල්ල මාගාල්ල කච්චිවත්ත පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති උළුවිටිකේ බෝධිසීහ හිමි  එම පිළිම පිළිඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.
 
‘බුරුම රටේ එහෙමත් නැත්නම් මියන්මාරයේ පුද පුජා පවත්වන ක්‍රමයක් ලෙස ඔවුන් මෙම පුජා විධි ක්‍රමය පවත්වනවා.

ඉතාම අලංකාරවත් ලෙස සකස්කරන වහලය සහිත මණ්ඩපයක මෙම පිළිම හිදුවා එය පාරුවක තබා මුහුදේ පාකිරීම මියන්මාරයේ සිදු කෙරෙනවා.  මෙම පිළිම එසේ මුහුදේ පාවී පැමිණි පිළිම ලෙස යැයි මම හිතනවා.‘ ඒ හිමියෝ පැවසූහ.