පාරක ගැටළුවකට ඉමදුව සභාව උණුසුම් වෙයි


(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)


ඉමදුව කෝඹල මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේදී කාපට් කළ මාර්ගවල සවිකර තිබූ පසුව ඉවත් කල කැටගල් තොගය වෙනත් ප්‍රදේශයක සංවර්ධන කටයුත්තකට යෙදවීමට ඉමදුව ප්‍රාදේශීය සභාවගත් තීරණයට විරෝධය පළකිරීමක් වශයෙන් කෝඹල ප්‍රදේශය භාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී.ජී.රුවින් මන්තින්ද මහතා අද (18) ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීමේදි මේසය උඩ නැගීම හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇතිවිය.


මේ අවස්ථාවේදි ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර මහතා ( ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ) අදහස් දක්වමින් එම කැටගල් වෙනත් කටයුත්තකට යොදා නොගන්නා බව පැවසීම හේතුවෙන් මෙම විරෝධතාවය අවසන්විය.


මේ අවස්ථාවේදි උප සභාපති ජේ.කේ.ඩී.ජයවික්‍රම මහතා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) ප්‍රකාශ කර සිටියේ ප්‍රාදේශීය සභාවේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා මෙවැනි නුසුදුසු ක්‍රියාවන් වැලැක්වීම සඳහා මින් ඉදිරියට යම් මන්ත්‍රීවරයෙක් මෙවැනි ක්‍රියාවක යෙදුනහොත් ඔහුගේ සභාවාරයට පැමිණිම තහනම් කරන බවයි.