(ඩි.කේ.රත්න )
උමාඔය ව්‍යාපෘතියේ බර වාහන ගමන් කිරීම නිසා තම ගම්මානයට පිවිසෙන මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇති බව පවසමින් එම මාර්ගය සකස් කර දෙන ලෙස ඉල්ලමින් වැල්ලවාය කොටිගල්බොක්ක ප්‍රාද්ශවාසීහු අද (09) ඇල්ල වැල්ලවාය මාර්ගයේ පේරකැටිය එකේ කණුව අසලදී උද්ඝෝෂණයක නිරත වූහ.
කාලයක සිට උමාඔය ව්‍යාපෘතියට අයත් බර වාහන විශාල සංඛ්‍යාවක් තම ගම්මානයට එන මාර්ගයේ දිනපතාම ගමන් කිරීම නිසා මෙම මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇතත් කිසිදු බලධාරියෙකු විසින් මෙම මාර්ගය සකස් කිරීමට කටයුතු නොකිරීම නිසා මෙම ගම්වාසීහු උද්ඝෝෂණයේ නිරත වූහ.
මෙම ස්ථානයට පැමිණි වැල්ලවාය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඩි.හරමානිස් මහතා විසින් මේ වන විට මෙම මාර්ගය ඌව පළාත් සභාවට පවරා ඇති බවත් ඌව පළාත් සභාව මගින් මෙම මාර්ගය සංවර්ධනය කිරීම සදහා රුපියල් ලක්ෂ පනහක මුදලක් වෙන් කර ඇති බවත් පැවසීමෙන් පසු ප‍්‍රදේශවාසී ජනතාව උද්ඝෝෂණය නතර කළහ.
මෙම උද්ඝෝෂණය සදහා ප‍්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.