(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ධාවනය වන දුම්රියේ පාපුවරුවේ සිට දුම්රියේ ඉදිරිපස සහ පිටුපස මැදිරි ජංගම දුරකතනයෙන් වීඩියෝ කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි.
අලුත්ගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ නියාමකවරයා වාද්දුව දුම්රිය ස්ථානයට ලබාදුන් තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු සතුව තිබී පිහියක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තැනැත්තා වාද්දුව පොතුපිටිය පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු වන අතර ඉකුත් ඉරිදා (28) මෙරටට පැමිණ ඇති බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත මුදාහැර ඇති අතර ලබන 6වැනි දින පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.