(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මේ දින වල පවතින කාළගුණික තත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව මාතලේ දිස්ත්‍රික්යේ පවුල් 15132ක පුද්ගලයින් 53225 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි මාතලේ දිස්ත්‍රික් අපදා කළමනාකාරණ මධ්‍යස්ථානය පවසයි.
දිස්ත්‍රික්කයේ ගලේවෙල දඹුල්ල නාඋල විල්ගමුව ලග්ගල රත්තොට අඹන්ගගකෝරළේ යටවත්ත යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 08 හි ජනතාව පිඩාවට පත්ව ඇති අතර පානීය ජලයට අමතරව වගාවන් සත්ව පාලන කටයුතු කරගෙන යෑමට නොහැකි තත්වයක් උද්ගත වී තිබේ.
දිස්ත්‍රික් ආපදාකළමණාකරන මධ්‍යස්ථානයේ මැදිහතවීම මත පිඩාවට පත්ව සිටින ජනතාවවෙත පානීය ජලය ලබාදීම අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගීන් ජාතික ජලසම්පාදන මංඩලයෙන් ජලය ලබාගෙන බවුසර් මගීන් බෙදාදීම මේ දිනවල සිදු කරනු ලබන බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථාන ප්‍රධානී සහකාර අධ්‍යක්ෂක චමින්ද අමරවිර මහතා සදහන් කළේය