පානදුර ඩිපෝවේ බස්රථ 6ක රෝදවල හුළං ඇරලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

කිසියම් පිරිසක් විසින් බණ්ඩාරගම පොලිසිය ඉදිරිපිට මාර්ගයේ රාත්‍රියට නවතා තිබෙන පානදුර ඩිපෝවට අයත් බස් රථ තුනක් ඇතුළු බස් රථ 6ක රෝදවල හුළං යවා ඇතැයි පානදුර ලංගම ඩිපෝවේ කළමනාකාර ඩී.ජේ.සී.ප්‍රනාන්දු මහතා පැවසීය.
 
පානදුර ලංගම ඩිපෝවට අයත් බස් රථ තුනක, මොරටුව ලංගම ඩිපෝවට අයත් බස් රථ දෙකක සහ උඩගමුල්ල ලංගම ඩිපෝවට අයත් බස් රථයක රෝදවල හුළං යවා ඇත.
 
මේ හේතුවෙන් මගීන් දහස්ගණනක් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ද මේ බව බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කළ බවද ඒ මහතා පැවසීය.
 
ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
 
“බස් රථවල රෝදවල හුළං යවලා මේ කඩාකප්පල්කාරී ක්‍රියාව කළේ වෙන කවුරුත් නෙවෙයි, පානදුර - හොරණ, පානදුර - අටුලුගම පෞද්ගලික බස් රථවල රියැදුරන් සහ කොන්දොස්තරවරුන්”යැයිද පැවසීය.