පාදුක්ක නිවසකින් ගිනිඅවි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට


බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න

පාදුක්ක අරලිය මාවතේ නිවසක සඟවා තිබූ ගිනි අවියක්, ටී පනස් හයේ උණ්ඩ තොගයක් ද, දම්පේ හන්දියේදී ගිනි අවියක් හා උණ්ඩ ද ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අද(10) අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.

මෙරට නිෂ්පාධිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, එම ජීව උණ්ඩ හතරක්, රිවෝල්වර ගිනි අවියක් හා එම ජීව උණ්ඩ නවයත්, ටී පනස් හයේ ගිනි අවියට යොදන උණ්ඩ පනස් හයත් එම පුද්ගලයන් දෙදෙනා සතුව තිබී සොයාගෙන ඇත.

ගිනි අවියක් ළඟ තබාගෙන දම්පේ හන්දියේ පුද්ගලයෙකු රැඳී සිටි බවට පොලිසිය ලද තොරතුරකට අනුව මේවා සොයාගත් බව පොලිසිය පවසයි.

එම පුද්ගලයාගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී ගිනි අවි හා උණ්ඩ ඔහුට ලබා දුන් පුද්ගලයා ද අනාවරණය වී ඔහු ද අත්අඩංගුවට ගෙන ඇත.