පාතහේවා හැට ප්‍රා.ස පුටුව පොහොට්ටුවට


(ඩබ්ලිව්.ඒ. අසේල)

පාතහේවාහැට ප්‍රාදේශිය සභාවේ  සභාපති තේරීම සඳහා  පැවැති  රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ උපුල් බණ්ඩාර  වීරසිංහ මහතා සභාපති ලෙස තේරීපත් වු අතර උප සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ  අමිල අමරසිංහ මහතා තේරීපත් විය.

අද (05) මධ්‍යම පළාත් පාලන පාලන කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන් පාතහේවාහැට ප්‍රාදේශිය සභාවේදී මෙම ඡන්ද විමසීම පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා  ඡන්දය දීමෙන් වැළකී සිටියේය

ප්‍රා දේශිය සභා ආරම්භයේ සිට පාත හේවාහැට ප්‍රා දේශිය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබූ අතර මෙවර එහි බලය වෙනත් පක්ෂයකට හිමිවූයේ ප්‍රථම වතාවට වීම විශේෂයකි. 

මෙවර පළාත් පාලන ඡන්දයේදි පාත හේවාහැට ප්‍රා දේශිය සභාවට මන්ත්‍රීවරු හතලිස් එක් දෙනෙකු පත්විය.