පාකිස්තානු ශිෂ්‍යත්ව අයදුම්කිරීමේ කාලය දීර්ඝ කෙරේ


ශ්‍රී ලාංකික සිසුන්ට පාකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමන ‘අලාමා ඉක්බාල්’ ශිෂ්‍යත්ව සඳහා අයඳුම්පත් යොමුකිරීමේ අවසන් දිනය මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. 
 
ශ්‍රී ලංකා - පාකිස්තාන උසස් අධ්‍යාපන සහයෝගීතා වැඩසටහන යටතේ ලාංකික සිසුන්ට අලාමා ඉක්බාල් ශිෂ්‍යත්ව පිරිනැමේ. 
 
මෙම ශිෂ්‍යත්ව හිමිකරගන්නා සිසුනට පාකිස්තාන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉංජිනේරු, මූලික සහ ස්වභාවික විද්‍යා, සමාජ හා කළමනාකරණ විද්‍යා වැනි අංශවලින් අධ්‍යාපනය ලැබීමට පූර්ණ වශයෙන් අරමුදල් සැපයේ. 
 
අයඳුම්කරුවන්ට පාකිස්තාන උසස් අධ්‍යාපන කොමිෂන් සභාවේ  http://eportal.hec.gov.pk/paksl යන වෙබ් අඩවියට පිවිසීමෙන් අයඳුම්පත් ඉදිරිපත් කළ හැකිය.

055