චන්දන ප්‍රනාන්දු
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වර්ණ රංග මහතා තමන්ට ලැබෙන වැටුප හා සියලුම දීමනා තමන් නියෝජනය කරන කොට්ඨාසයේ දුප්පත් පවුල් 20ක් තෝරාගෙන ඔවුන්ට ලබාදීමට කටයුතු සකසා තිබේ.
ප්‍රදේශයේ පැවති උත්සවයකදී මේ බව පැවසූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එක් පවුලකට මාසයකට රුපියල් 500 ක් හෝ 1000 ක් බැගින් කොට්ඨාසයේ අසරණ ජනතාවට ලබා දීමට බලාපොරොත්තුවන බවත් දේශපාලනයට අලුත් වුනත් මෙවන් කාර්යකට මුල්වීමට තමන්ට හැකිවීම පිළිබඳව සතුටු වන බවත් වර්ණ රංග මහතා පැවසීය.