(බිඟුන් මේනක ගමගේ)
ඌව පළාත් සංචාරක ප්‍රවර්ධන ඒකකයේ සංවර්ධන නිලධාරියකුට ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් විසින් පහර දෙනු ලැබ ඇතැයි ද ඒ සම්බන්ධයෙන් පොලිසියට නීතිය ක්‍රියාත්මක කළ නොහැකි ලෙස දේශපාලන මැදිහත්වීම් වන්නේ යැයි ද කියමින් සංවර්ධන නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
ඇල්ල නගරයේ විශේෂ සංචාරක තොරතුරු ඒකකයක කොටසක් ප්‍රාදේශීය සභා සභාපතිවරයා බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ කර ඇතැයි ද සංවර්ධන නිලධාරී ඉන්දික සෙනවිරත්න මහතා ඒ සම්බන්ධයෙන් රාජකාරි කිරීමේදී මෙසේ පහර කෑමට ලක්ව ඇතැයි ද එම සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි මහතා එම ලිපියේ සඳහන් කර ඇත.
දේශපාලන මැදිහත්වීම් මත සිදුවීම යටපත් කිරීමට උත්සාහයක් ඇතැයි ද සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් සංවර්ධන නිලධාරින් හැටියට දැඩි ක්‍රියාමාර්ග ගන්නේ යැයි ද සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසයි.
දේශපාලඥයින් දියත් කරන මැර දේශපාන සංස්කෘතිය නැවැත්වීමට වහාම පියවර ගෙන රාජ්‍ය සේවකයන්ට සිය රාජකාරිය වෘත්තිය ගෞරවයකින් යුතුව ඉටුකිරීමට අවස්ථාව සලසා දෙන්නැයි නීතිය හා සාමය විෂය භාර ඇමැතිවරයා හැටියට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.