(අනීෂා මානගේ)
ප්‍රවේශපත්‍රයක් ගන්නා ලෙස බස් කොන්දොස්තරවරයා කළ දැනුම්දීමකට උරණ වූ මගියකු එල්ල කළ තියුණු ආයුධ පහරකින් තුවාල ලැබූ කොන්දොස්තරවරයකු අද (21) දහවල් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ බෙලිඅත්ත සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය කෙරෙන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක සේවය කරන 40 හැවිරිදි කොන්දොස්තරවරයෙකි.
බෙලිඅත්ත සිට ඇඹිලිපිටිය බලා ධාවනය කෙරෙමින් තිබූ ලංගම බස් රථයක් තංගලුවෙල්යාය ප්‍රදේශය පසුකර යන අවස්ථාවේදී මෙම පහරදීම සිදුව තිබේ. පහරදීම සිදුකළ සැකකරු තංගල්ල නගරයේදී බස්රථයට ගොඩවී ඇතැයි පොලිසිය කියයි.
සැකකරු එම අවස්ථාවේදී බස් රථයෙන් බැස පලාගොස් තිබූ අතර පහරදීමට උපයෝගී කරගත් තියුණු ආයුධය පොලිසිය විසින් සොයාගනු ලැබීය.
සැකකරු තංගල්ල ධීවර වරායේ මසුන් කැපීමේ නිරත අයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට තංගල්ල මූලස්ථාන පොලිස් නිලධාරීහු පරීක්ෂණ සිදුකරති.