(මාවනැල්ල සමන් විජය බංඩාර)
ජාතික ජල සම්පාදනයට අයත් අරණායක ඇටම්පාවල ප්‍රධාන ජල ටැංකියේ සිට හොරේවල සහ ඒ අසාන්න ප්‍රදේශයට යන ප්‍රධාන ජල නළයේ ජල කාන්දුවක් සිදු ව දින තුනක් ගත වුවත් මෙතෙක් එය අලුත්වැඩියා කිරිමට පියවර ගෙන නැති බව ප්‍රාදේශවාසින් පෙන්වා දෙති.
මෙම නළය කැඩි ගොස් ඇත්තේ බූවැලිකඩ ප්‍රදේශයෙනි. ප්‍රධාන මාර්ගයේ හෙල් සහිත ස්ථානවලට ජලය ගැලීම නිසා ප්‍රධාන මාර්ගය ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇත.
මේ සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගික සේවා අංකයට දැනුම් දුන්නද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීන් පවසති.

