පහර කෑ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියා රෝහලේ


( ප්‍රදීප් කුමාර )
යාපනයේ මධ්‍යම පරිසර අධිකාරියේ සේවයේ නියුතු නිලධාරියෙකුට අද( 08 )  උදෑසන කිසියම් පිරිසක් කළ පහරදීමකින් එම  නිලධාරියා   බලපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
 
මෙම පහර කෑමට ලක්වු නිළධාරිය සිය යතුරු පැදියෙන් රාජකාරී ස්ථානයට ගමන් කරමින් සිටියදී මෙම පහර කෑමට ලක්ව තිබේ මෙම නිළධාරියාට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ .
 
මෙම පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර  තිබේ.