(විජේරත්න රත්නායක )
පස්සර ප්‍රාදේශීය සභාවේ අයවැය වාර්තාව අද (06) වැඩි ඡන්ද 20 කින් සම්මත විය.
එම සභාවේ සභා රැස්වීම් ශාලාවේදී ඉදිරි 2019 වර්ෂය සඳහා වූ මුදල් ප්‍රකාශය එහි සභාපති ආර්.එම්.ඥාණතිලක මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලද අතර අනතුරුව පැවැති අයවැය විවාදයෙන් පසු ඒ පිළිබඳ ඡන්ද විමසීම සිදුකෙරිණි.
එහිදී සභාපතිවරයා ඇතුළු 21 දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. උප සභාපති සුනිල් ද සිල්වා මහතා (ශ්‍රී ල.පො.පෙ.) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර ජ.වි.පෙ. මන්ත්‍රී කේ.එම්.එස්.නන්දන බණ්ඩාර මහතා අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේය.
ඒ අනුව අයවැය ප්‍රකාශයට පක්ෂව ඡන්ද 21 ක් හා විරුද්ධව ඡන්ද 01 ක් ලැබීමෙන් වැඩි ඡන්ද 20 කින් අයවැය වාර්තාව සම්මත විය.