පස්කඳු කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා



(ගලහ -ඩබ්ලිව් ඒ අසේල  සහ හේවාහැට - එම් දසනායක)


පවතින අධික වර්ෂාව හේතුවෙන් තලාතුඔය දෙල්තොට මාර්ගයේ කොළඹිස්ස තැපැල් කාර්යාලය හා කොළඹිස්ස විදුහල අසල  ස්ථාන දෙකක ඇතිවු පස්කඳු කඩා වැටීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පුර්ණයෙන් ඇණිහිට ඇත.


මෙම නිසා දෙල්තොට දක්වා ගමන් කිරීමට වෙනත් විකල්ප මාර්ගයක් නොමැති වීමෙන් එම මාර්ගයේ ගමකන් කරන වාහන හා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වී සිටි.


ප්‍රදේශවාසින් එක්ව එම පස් කඳු ඉවත් කරමින් සිටියි.