සමන් පාලිත නානායක්කාර
පැවති ධාරාණිපාත වර්ෂාවත් සමඟ පස් කඳු කඩා වැටීමෙන් අද (18) කලුපහන වීරකෝන් ගම හරහා උඩවේරිය මාර්ගයේ ස්ථාන කිහිපයක් මුළු මනින්ම අවහිර වී ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභහපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා පැවැසීය.
බැකෝ යන්ත්‍ර යොදා මාර්ගය මත වැටී ඇති පස් කඳු කඩිනමින් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් වාහන ගමනා ගමනයට හැකි වන පරිදි නැවත මාර්ගය සකස් කිරීමට දින දෙකක් පමණ ගත විය හැකි බවත් සභහපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා කීය.
බොරලන්ද හපුතලේ හරහා විකල්ප මාර්ග භාවිතා කිරීමට පොලිසිය ප්‍රදේශවාසීන්ට උපදෙස් දී තිබේ.
පස් කඳු වැටීමෙන් උඩවේරිය මාර්ගය අවහිර වෙයි
Recommended Articles